දස මසක සිහිනයට…

දැයේ සුවහසක් අම්මාවරුන්ට සෞඛ්‍යමත් ගර්භණී කාලයක් උදෙසා වූ සෞඛ්‍ය ප්‍රවර්ධන පොත් පිංච …

දස මසක සිහිනයට…

අම්මාවරුන්ට සෙනෙහසින්…

සිය රුහිරෙන් නිම කල
ලොව අගනාම වස්තුව
දස මසක් කුස දරා
දෑ වසක් අත දරා
ජිවිත කාලයක් සිත දරා සිටින
සුවහසක් අම්මාවරුන්ට ..!

සුදන්ති අනුරුද්ධිකා සුරියහෙට්ටි සහ තිලිණි චංචලා අගම්පොඩි

දස මසක සිහිනයට…


රජරට වෛද්‍ය පීඨ ප්‍රජා වෛද්‍ය දෙපාර්තමේන්තුවේ මාතෘ සහ ළමා සෞඛ්‍ය ඒකකය විසින් ප්‍රකාශිත, මහාචාර්ය තිලිනි අගම්පොඩි සහ වෛද්‍ය සුදන්ති අනුරුද්ධිකා සුරියහෙට්ටි විසින් රචිත “දස මසක සිහිනයට” පොත් පිංච සමුද්‍රා ප්‍රකාශනයක් අද දින සිට දිවයින පුරා ලබා ගත හැක.

ඉතා සරල බසින් ලියා, කවි, චිත්‍ර ඇතුළත් කොට විචිත්‍ර ස්වරුපයෙන් නිමවා ඇති මෙම පොත් පිංච ඉක්මනින්ම ජනප්‍රිය වූ අතර මව්වරුන්ගේ බලවත් ඉල්ලීම මත රට පුරා සියලු මව්වරුන්ගේ පරිහරණය සඳහා මෙලෙස මුද්‍රණය කරන ලදී..


දසමසක සිහිනයට පොත පාවිච්චිකළ අම්මලාගේ සටහන්…

පොතේ කථාව …

ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ ප්‍රජා වෛද්‍ය දෙපාර්තමේන්තුව විසින් පළමු වරට 2019 වසරෙදී ආරම්භ කොට දයේ මව්වරුන් වෙනුවෙන් මහත් වූ සෙනෙහසින් නිමවනලද සෞඛ්‍ය පණිවිඩ එකතුවකි මේ. මෙවැනි මහඟු කාර්යයක් නිමවුයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගර්භනී මව්වරුන් සඳහා දැවැන්ත සෞඛ්‍ය ප්‍රවර්ධන ව්‍යාපෘතියක් උදෙසා, එනම් තෝරාගත් මස තුනක් ඇතුලත අනුරාධපුර දිස්ත්රික්කයේ ලියාපදිංචි වන මව්වරුන් 3000ක් අතර නොමිලේ බෙදා හැරීමටය.

ඉතා සරල බසින් ලියා, කවි, චිත්‍ර ඇතුළත් කොට විචිත්‍ර ස්වරුපයෙන් නිමවා ඇති මෙම පොත් පිංච ඉක්මනින්ම ජනප්‍රිය වූ අතර මව්වරුන්ගේ බලවත් ඉල්ලීම මත රට පුරා සියලු මව්වරුන්ගේ පරිහරණය සඳහා මෙලෙස අන්තර්ජාලයට මුදා හැරීමට තීරණය කරන ලදී.

මෙය සකසා ඇත්තේ මවකගේ ගර්භණි සමය ගෙවෙන් ආකාරයට ගැලපෙන අයුරින්, එනම් මාස නමය පුරාවට මවට ඇතිවන ගැටළු, මවගේ හැඟීම් සහ මවක විසින් දැනගත යුතු දෑ ආදී බොහෝ දේ පිලිවෙලින් සකස් කොටය.

උත්තරීතර මව් පදවිය දැරීමට කැපවී සිටින දැයේ සුවහසක් අම්මාවරුන්ගේ ගැබිණි සාමය පරිපුර්ණ කරනු වස් ඔබේ දෝතට තිලින කරන මේ පොත් පිංච ඔබගේ දරුපැටියාගේ සෞඛ්‍යමත් හෙට දිනක් සඳහා ඉවහල් වනු ඇතායි අප ඉතා සිතින් ප්‍රර්ථනා කරමු.

Authors:
Sudanthi Anuraduddhika Sooriyahetti, Thilini Chanchala Agampodi
Contributors
Gayani Amarasinghe
Imasha Jayasinghe
Ayesh Hettiarachchi
Janith Warnasekara
Dulani Somasiri
Thejani Gunathilaka
Chamara Sampath Paththinige
Editors:
Suneth Agampodi, Nuwan Wickramasinghe

First edition: 2019 July
Second edition: 2019 December
Drawings: Rushani Perera
Graphics: Dasun Sandeepa, Vishmitha Sandeepa
Layout editing: Suneth Agampodi, Rushani Perera
Type Setting: W.I. Madhushani

This book was originally developed as a supporting material for the GEEPMD research project, supported by the Accelerating Higher Education Expansion and Development (AHEAD) Operation of the Ministry of Higher Education, Sri Lanka funded by the World Bank. The book was distributed free of charge among all Rajarata Pregnancy Cohort (RAPCO) participants.

Department of Community Medicine
%d bloggers like this: