COVID-19 (කොරෝනා වෛරසය)

ශ්‍රී ලංකාවේ තත්වය

වාර්තා වන දිනපතා නව රෝගීන් ගණන

වාර්තා වන සම්පුර්ණ රෝගීන් ගණන

පළමු රෝගීන් 100 වාර්තා වීමෙන් අනතුරුව රෝග ව්‍යාප්තිය – ලංකාවට සංසන්දනාත්මකව තෝරාගත් රටවල තත්වය

වාර්තා වන සම්පුර්ණ මරණ ගණන

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වර්තමාන මරණ අනුපාතය- තෝරාගත් රටවලට සාපේක්ෂව

වර්තමාන ගෝලීය තත්වය: සම්පුර්ණ රෝගීන් සංඛ්‍යාව (මිලියනයකට)

මෙම පිටුවේ සියලුම දත්ත සහ ප්‍රස්ථාර Our World in Data වෙබ් පිටුවෙන් ලබාගන්නා ලද දත්ත වේ.

2019 නව කොරෝනා වෛරසය (COVID-2019)යනු කුමක්ද?

2019 වසරේ දෙසැම්බර් මස අවසන් භාගයේ චීනයේ වුහන් නගරයේ පැතිරගිය ශ්වසන රෝග වසංගතයක් අලුත් වෛරසයක් හේතුවෙන් ඇතිවූ බව සොයාගනු ලැබිණි. මෙය මින් පෙර වසංගත ලෙස පැතිර ගිය MERS-CoV සහ SARS රෝග ඇතිකළ කාණ්ඩයේම වෛරසයක් වේ. පළමුව මෙය ඇතිවුයේ සත්ව වෙළදපොලක් ආශ්‍රිතව වීම නිසා මෙය සතුන්ගෙන් බෝවූ රෝගයක් ලෙස සැලකූ නමුදු මෙය සෘජුවම මිනිසුන් අතර බෝවන රෝගයක් බව මේ වනවිට සොයා ගෙන ඇත.

වර්තමාන තත්වය…

චීනයේ වුහාන් නගරයේ 2019 වසරේ වාර්තාවූ නව කොරෝනා වෛරසය මේ වන විට ලෝකය පුරා පැතිර යමින් පවතින වසංගතයක් ලෙස තහවුරු වී ඇත.ලෝකයේ සියලුම රටවල් අඩුවැඩි ලෙස අවධානම් රටවල් ලෙස පවතී. රටවල් එකසිය පනහකට වැඩි ප්‍රමාණයක් රෝගීන් වාර්තාකර ඇති අතර මරණ ප්‍රතිශතය 4-5% අතර වේ. වසංගතයේ උච්චතම අවස්ථාව තවමත් පැමිණ නොමැති බව පෙනෙන අතර රටවල් විශාල ප්‍රමාණයක් මේ වන විට සම්පුර්ණයෙන් බහොර ලෝකය සමග සියලු මගී ප්‍රවාහන කටයුතු නවතා ඇත. යුරෝපය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ මේ වනවිට වසංගත තත්වය ඇති දරුණු ලෙස පැතිර යමින් පවතින අතර වසංගතයේ මද්‍යයය බවට ඇමෙරිකා එක්සත් ජනපදය පත්ව ඇත.

ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ නිරතුරුව යාවත්කාලීන වන ලෝකය පුරා රෝග පැතිරීම පිළිබද තොරතුරු මෙම පිටුවෙන් ඔබට ලබාගත හැක…


වසංගත රෝග පැතිරයාමේ ප්‍රවණතා අනුව මේ තත්වය වසංගතයක ආරම්භක අවස්තාව ලෙස දැකිය හැක. ශ්‍රී ලංකාවට මෙය පැතිරයාමේ බලවත් අවදානමක් ඇත්තේ මේ රෝගය පැතිර යන රටවල් ලාංකිකයන් බහුල ලෙස සංචාරයේ යෙදෙන බැවිනි. බොහෝවිට මෙය රට තුලට ඇතුළුවීම වැලැක්වීම අසීරු වන අතර මෙය පැතිරයාම අවම කිරීම සදහා සෑම පුද්ගලයෙකුටම දායකත්වයක් ලබා දිය හැක.

නව කොරෝනා වෛරස රෝගයෙන් වැලකීම සදහා…

  • සබන් යොදා නිතර අත් සෝදන්න
  • කිඹුහුම් යනවිට හෝ කැස්සක් ඇති වනවිට,මුඛය වැලමිටේ ඇතුලු පැත්තෙන් ආවරණය කරගන්න
  • උණ රෝගය ඇති පුද්ගලයින් සමග ගැටීම අවම කරන්න (නිකරුනේ රෝහල් පරිශ්‍ර තුලට යාමෙන් වලකින්න)
  • ඔබට උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇති නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න, පොදු ස්ථාන වලට යාමෙන් වලකින්න
  • ඔබේ ඇස් ස්පර්ශ කිරීම හැකි තාක් අඩුකරන්න

සබන් යොදා නිතර අත් සෝදන්න

නව කොරෝනා වෛරස රෝගයෙන් වැලකීම සදහා…

ශ්වසන මාර්ගයෙන් පැතිරයන රෝග වැලැක්වීම සදහා ඉතාම ආරක්ෂාකාරී පිළිවෙතක් වන්නේ දෑත් පිරිසිදුව තබා ගැනීමයි. ඔබට දෑත අපිරිසිදුයි හැගෙන ඕනෑම අවස්ථාවක සබන් හෝ සබන්දියර යොදා අත් සේදීම කල යුතුය. මීට අමතරව නිතර පොදු ස්ථාන වලට යන පුද්ගලයන් සදහා දෑත් පිරිසිදුකාරක භාවිත කල හැක.

  • බස්, දුම්රිය හෝ පොදු ප්‍රවාහන භාවිතයෙන් පසු
  • සෙනග ගැවසෙන ස්ථාන වලට යාමෙන් පසු
  • සත්වයින් හෝ සත්ව අපද්‍රව්‍ය ඇල්ලීමෙන් පසු
  • රෝගී පුද්ගලයෙක් ඇල්ලීමෙන් පසු
  • ආහාර පිළියෙළ කිරීමට පෙර හා අනතුරුව
  • ආහාර ගැනීමට පෙර
  • වැසිකිලි භාවිතයෙන් පසු

රෝග ලක්ෂණ

නව කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ බොහෝ විට සාමාන්‍ය කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව සමග ඇතිවන උණ රෝගයට සමාන විය හැක. ඔබට පහත සදහන් රෝග ලක්ෂණ තිබේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු වේ.

  • උණ
  • කැස්ස
  • හුස්ම ගැනීමේ අපහසුව

සංචාරකයින් සදහා

දැනට පවතින තත්වය යටතේ ඕනෑම ආකාරයක විදේශ සංචාරයක් අවදානම් තත්වයකි.
අත්‍යවශ්‍ය කාරණයක් සදහා ඔබ පිටරටවල සංචාරයේ යෙදෙන්නේ නම් සංචාරකයන් සදහා වන සුවිශේෂී උපදෙස් පිළිපදින්න. යාවත්කාලින කරන ලද ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ පිලිබඳ උපදෙස් කියවන්න.


විශ්ව විද්‍යාලය තුල කොරෝනා වසංගතය වැලකීම සදහා…

For pregnant mothers on covid-19. First draft by Charuni Malalasekara & Thilini Agampodi
Department of Community Medicine
%d bloggers like this: