AD සිරින්ජරයේ නිවැරදි භාවිතය

AD සිරින්ජරයේ නිවැරදි භාවිතය

ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වන නව කොරෝනා එන්නත්කරන ක්‍රියාවලියේදී භාවිත කරන AD (auto disable) සිරින්ජර නිසි ලෙස භාවිතය වැදගත්ය. AD සිරින්ජරය දැනට මේ සඳහා ඇති හොඳම සිරින්ජරය වන අතර මෙය නිපදවා ඇත්තේ එන්නත් හානිය අවම කර ගැනීම සහ එන්නත්කරණයේදී ඇතිවිය හැකි අතුරු ප්‍රතිපල අවම කිරීම සඳහාය. AD සිරින්ජරයේ අදාළ එන්නත් සලකුණ දක්වා ඇත්තේ සිරින්ජර කටුවේ හිස් අවකාශයද (dead space) සැලකිල්ලට ගෙන බැවින්, එන්නත් කිරීමේදී අමතර ප්‍රමාණයක් ලබාගැනීම නොකළ යුතුය. AD සිරින්ජරයට එන්නත ලබාගැනීමේදී අදාළ ලකුණ ඉක්මවා එන්නත් සුළු ප්‍රමාණයක් ගැනීමට ඉඩ සලසා ඇත්තේ වාතය සුළු ප්‍රමාණයක් හෝ සිරින්ජරය තුලට පැමිණියහොත් එය ඉවත් කිරීම සඳහායි. එබැවින් ප්ලන්ජරය අවසන් කෙලවර දක්වා ඇදීමෙන් අනතුරුව නැවත අදාළ මාත්‍රා සලකුණ තෙක් පරිස්සමින් තල්ලුකිරිම අත්‍යාවශ්‍යය.

Leave a Reply

Department of Community Medicine
%d bloggers like this: