බොරු තොරතුරු වසංගතය මැඩලීම සඳහා

කොරෝනා ගෝලීය වසංගතය හමුවේ දැනට පැනනැගී ඇති ප්‍රභල අභියෝග අතර “බොරුතොරතුරු” වසංගතය කොරෝනා පාලන ක්‍රියාවලියට දැඩි අභියෝගයක් එල්ල කරයි. විශේෂයෙන්ම අන්තර්ජාලය සහ සමාජ ජාලා හරහාද, විද්‍යුත් මාද්‍ය හරහාද ප්‍රචාරණය වන අසත්‍ය සහ නොමග යවන සුළු පණිවිඩ හරහා කොරෝනා මර්ධනයට මාරු පහරක් එල්ල වී ඇත. මේ තොරතුරු සිතාමතා පතුරුවන අසත්‍ය තොරතුරු හෝ හුදෙක් තම පුද්ගලික අභිමතාර්ථයන් ඉටු කර ගැනීම සඳහා පැතිරවීම සිදුවන දේ වුවද, ආරම්භයෙන් පසු බොහෝවිට ඒවා ප්‍රචාරණය වන්නේ අදාල මුලික අරමුණ නොදන්නා වූ බහුතර පිරිසක් විසිනි. කොරෝනා වසංගතය හමුවේ වගකීම් විරහිත හැසිරීම (පුද්ගලික, මාද්‍ය සහ දේශපාලන කණ්ඩායම් ) මෙයට ප්‍රධාන ලෙස හේතුවේ.

මේ අභියෝගයට මුහුණ දීම සඳහා පොදුවේ සහ තනි පුද්ගලයන් ලෙස සියලු දෙනාට වගකීමක් ඇත. මේ සියලුම දෙනා, තමන් බෙදා හරින තොරතුරු නැවත නැවත තහවුරුකරන ලද, දත්තමය කරුණු මත පදනම් වූ, විද්‍යාත්මකව සහ තර්කානුකුලව එකඟවිය හැකි කරුණු බවට වග බලාගන්නේ නම් සහ රජය මගින් ඊට අදාල නීතිමය රාමුවන් සකසන්නේ නම් මේ උත්සාහය ඉක්මනින්ම සඵල කර ගත හැක. ඊට අමතරව මාද්‍ය වලට මේ සම්බන්ධයෙන් බරපතල වගකීමක් ඇත.

Reproduced using the WHO infodemic page

ඔබ දකින යමක් “share” කිරීමට පෙර ඔබ විසින් අනිවාර්යෙන් ඇසිය යුතු ප්‍රශ්න කීපයක් ඇත.

  1. මේ තොරතුරු සත්‍ය වශයෙන්ම වගකිවයුතු ආයතනයක් මගින් සපයන ලද තොරතුරුද?
  2. මෙය ආයතනික තොරතුරක් නොවේ (පුද්ගලයෙක් සපයන තොරතුරක්නම්) නම් අදාළ පුද්ගලයා මේ තොරතුරු සැපයීම සම්බන්ද තාක්ෂණිකව සුදුසුකම්ලද පුද්ගලයෙක්ද?
  3. මේ තොරතුර පුද්ගලික මතයක්ද නොඑසේනම් දත්ත මත පදනම් වූ තාක්ෂණික ප්‍රකාශයක්ද?
  4. මේ තොරතුරු විකුර්ති කරන ලද තොරතුරු විය හැකිද?
  5. මේ තොරතුරු ඔබ සමග බෙදා ගන්නා තැනැත්තා සැම විටම සත්‍ය සහ නිවැරදි තොරතුරු බෙදා ගන්නා තැනත්තෙක්ද (සමාජ ජාල සහ මිතුරු කණ්ඩායම් සඳහා විශේෂයි)

මේ සටන සෞඛ්‍යසේවා හෝ රජය හෝ පමණක් නොවේ. විශේෂයෙන්ම ඔබ සමාජජාල තුල සක්‍රීය පුද්ගලයෙක්නම් මේ සටනට පන පෙවීමට ඔබට විශේෂ හැකියාවක් ඇත. “බොරුතොරතුරු” වසංගතය හමුවේ කොරෝනා සටන ඉදිරියට ගෙන යාමට ඔබ විසින් ඔබේ වගකීම ඉටු කලයුතු කාලයයි.

Leave a Reply

Department of Community Medicine
%d