නැවත හිස ඔසවන මි උණ
පසුගිය දින කිහිපය තුල මි උණ රෝගය ලංකාවේ පළාත් කිහිපයකම දරුණු ලෙස හිස ඔසවන බව පෙනේ. කොරෝනා වසංගතය හමුවේ ඇතිවූ තත්වය මත මි උණ රෝගය නිසා ඇතිවන බරපතල තත්ත්ව සහ මරණ ප්‍රමාණය වැඩි වීමේ ඉතාතදබල අවදානමක් පවතී.
ගෝලීය මී උණ රෝගය පැතිරීමේ ස්වභාවය

ගෝලීය මි උණ පිළිබද දත්ත වලට අනුව ලංකාව මෙම රෝගය ඇති බහුල ලෙස පැවතෙන රටකි. කොරෝනා වෛරසයේ ගෝලීය ව්‍යාප්තිය ගැන ඔබ දැනුවත්නම් එම සිතියමේ ඉතාලිය බ්‍රිතාන්‍ය ස්පාඤඤය සහ ඇමරිකාව වැනි රටවල් වලට හිමි ස්ථානය මි උණ සම්බධයෙන් ලංකාවට හිමිව ඇත. වසරකට මි උන හේතුවෙන් ලංකාවේ රෝහල් ගතවන පිරිස 10,000 පමණ වන අතර 700ක් පමණ මේ රෝගය නිසා මියයයි.
ලංකාව තුල පසුගිය වසර කිහිපය තුල මී උණ රෝයේ පැතිරීම

මී උන රෝගය නිසා ලංකාවේ වාර්තාවෙන රෝගීන් සහ මරණ පිළිබද වැඩිදුර කියවන්න
මෙතනින් පිවිසෙන්න
රෝගී ලක්ෂණ
මේ දිනවල ඔබට අසන්නට ලැබෙන පරිදි උන කැස්ස ඇති ඕනෑම රෝගියෙක් කොරෝනා වෛරස රෝගියෙක් ලෙස ඔබ විසින් සැකයක් ඇතිකර ගනු නොඅනුමානය. පවතින තත්වය යටතේ මෙය කොරෝන පිළිබද හොද දැනුවත් වීමකි.
ඔබට උන හිසරදය සහ මාංශපිඩුවල වේදනාව ඇත්නම් ඔබ සැකකරන්නේ කුමන රෝගී තත්වයක්ද? එවැනි රෝගියෙක් මී උන ඇති රෝගියෙක් වීමට ඇති සම්භාවිතාව ඉහත කී සම්භාවිතාවට වඩා දස ගුණයකටත් වැඩිය.
පොදුවේ දන්නා මී උන රෝගී ලක්ෂණ වන්නේ ඉහත පැවසු ලෙස උන හිසරදය සහ මස්පිඩුවල වේදනාවය. මිට අමතරව ඇස රතු පැහැ වීම සහ ශරීරය/ඇස කහ පැහැ වීමද මේ රෝගයේදී දැක ගත හැක. එහෙත් රෝගීන් සැලකියයුතු ප්‍රමාණයක් මේ රෝග ලක්ෂ නැතුව වෙනත් ලක්ෂණ සහිතවද දැක ගත හැකිවේ.
රෝගය වැලදීමේ අවධානම
කොරෝනා රෝගය නිසා වැඩිපුර ගැටළු ඇති වන්නේ වයසක සහ වෙනත් රෝගී තත්ත්ව ඇති යට බව ඔබ අසා ඇති. එනමුදු මී උන වඩාත් බහුල ඇත්තේ ක්‍රියාශීලි සහ වැඩකටයුතු වල නිරත වෙන විශේෂයෙන් එළිමහනේ වැඩපල කරන පිරිසටය. මෙයට හේතුව නම් මී උණ බෝවීම බොහෝ විට සිදුවන්නේ අදාළ බැක්ටීරියාව මුසුව ඇති ජලය හෝ පසට නිරාවරණය වීම හේතු කොට ගෙනය.
රෝගයේ බරපතල තත්ත්ව
ඔබට මී උන වැලදී ඇත්නම් මියයාමට ඇති අවදානමද කොරෝන රෝගය නිසා ඔබ මියයාමට ඇති අවදානම මෙන් කිහිප ගුණයකි. ලංකාවේදී මි උණ රෝගීන් අතර වකුගඩු, අක්මාව, හදවත හෝ ශ්වසන පද්ධතිය අකර්මන්‍ය වීම බහුලව දක්නට ලැබේ. මීට අමතරව වෙනත් රෝගී සංකූලතා රාශියක් මී උණ රෝගයේදී දැකගත හැකිවේ. මේ සංකුලතා වලදී කෙරෙන ප්‍රතිකාරද සංකුලතා අනුව වෙනස් වේ. ඩෙංගු හෝ කොරෝනා රෝගයට වඩා මෙම රෝගීන් මියයාමට හෝ බරපතල සංකුලතා ඇතිවීමට ඇති අවදානම බෙහෙවින් වැඩිවේ.
රෝගය බෝවීම

මෙම රෝගය වාහක සත්වයෙකු මත බෝවන රෝගයකි. මියන්, ඌරුමීයන්, මුගටියන් වැනි ලෑටිගාන කුලයේ සතුන්, බල්ලන්, බළලුන්, හරක්, ඌරන් වැනි සියලුම ක්ෂීරපායි සතුන් සහ කුරුල්ලන් මී උණ රෝග වාහකයන් විය හැක. මේ සතුන්ගේ ඇග තුලට ඇතිවන බැක්ටීරියාව මුත්‍රා සමග පරිසරයට එකතු වන අතර මේ බැක්ටීරියාව ජලයේ හෝ තෙත පස ඇති ස්ථානවල බොහෝ කලක් රැදී සිටිය හැක. වන ලැහැබ ආශ්‍රිතව ජිවත් වන සතුන් සහ අපිරිසිදු පරිසර වල ජිවත් වන සතුන් මේ රෝග වාහකයා වීමේ අවධානම වැඩිවේ. එබැවින් කුඹුරු සහ වගුරුබිම් ආශ්‍රිතව මේ රෝගය බෝවීමේ අවධානම අධිකය. ඊට අමතරව වැසිවලින් පසු හෝ ගංවතුරකට පසු මේ අවධානම් පරිසරය හා ගැටුණු ජලය සාමාන්‍ය මිනිස්වාස කරා පැමිණීමෙන් රෝගය බෝවීමේ අවධානම ඉතා අධික වේ.
ලංකාවේ මී උණ රෝග බෝවීමේ අවධානම ගැන කියවන්න
මෙතනින් පිවිසෙන්න
රෝග කාරකය
මී උණ රෝගය සාදන්නේ ලෙප්ටොස්පයිරා (Leptospira) යන ගණයට අයත් බැක්ටීරියා විශේෂ (species) කිහිපයකිනි. ලංකාවේ පමණක් මේ වනවිට මෙම රෝගය සාදන ලේප්ටෝස්ප්යිරා විශේෂ 5ක් සහ එහි ප්‍රභේද රාශියක් හදුනාගෙන ඇත. මෙහි වැදගත්කම වනුයේ මේ සමහර විශේෂ සහ ප්‍රභේද අනෙක් විශේෂ වලට වඩා බරපතල රෝගී තත්ත්ව ඇතිකිරීමයි. අන් රටවලට සාපේක්ෂව ලංකාව තුල මෙම රෝගය සාදන විශේෂ ප්‍රමාණයේ පැතිරීම සහ සුලභතාවය අධික බව දැනට සිදු කර ඇති පර්යේෂණ මගින් පෙනී යයි.
ලංකාවේ මී උණ රෝග කාරකයන් ගැන වැඩිදුර කියවන්න
මෙතනින් පිවිසෙන්න
ලංකාවේ මී උණ රෝග කාරකයේ ජාන සංයුතුය පිළිබද කියවන්න
මෙතනින් පිවිසෙන්න
රෝගය පැතිරීම පාලනය
අනවශ්‍යපරිදි අධි අවධානම් පරිසර වලට නිරාවරණය වීම අඩු කිරීම මෙම රෝගය පාලනය සදහා අත්‍යාවශ්‍ය වේ. විශේෂයෙන් ගංවතුර සමයේ අනවශ්‍ය ලෙස ගංවතුරට නිරාවරණය වැළක්විය යුතුය. මීට අමතර මද හෝ වගුරු ස්ථාන වල වැඩ කටයුතු වල යෙදෙන්නේ නම් බූට් සපත්තු භාවිතයද කල හැක. ශ්‍රී ලංකාව වැනි රටවල ඇති පාරිසරික සාදක හේතුවෙන් රෝගයට නිරාවරණයට ඇති අවධානම බෙහෙවින් වැඩි හෙයින් රෝගය වැළදුන පසු ඉක්මන් ප්‍රතිකාර හරහා මින් ඇතිවන සංකුලතා අවම කල හැක. විශේෂයෙන්ම රෝග පැතිරීම වැඩි මෙවන් කාල වලදී ඉහතකී රෝගී ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම අත්‍යාවශ්‍යය 2008 වසර සිට මේ දක්වා කරන ලද පර්යේණ සියල්ලන්ගේම පෙනී යන ප්‍රධාන කාරණයක් වන්නේ මී උණ සම්බන්ධ මරණ වලින් බහුතරය මූලික අවස්ථාවේ රෝහලට නොපැමිණීම නිසා සිදුවන මරණ බවයි.
ප්‍රතිකාර
මී උණ රෝගීන් මුලික අවස්ථාවේ රෝහලට පැමිණේ නම් ඉතා සුලභ ප්‍රතිජීවක ඖෂධ බොහොමයක් මේ සදහා යොදාගත හැක. මේ වනතුරු ඖෂධ ප්‍රතිරෝදී ලේප්ටෝස්පයිරා පිළිබද වාර්තා නොපවතී. රෝගයේ ප්‍රතිකාර සදහා ගැටුලු මතුවන්නේ බොහෝවිට බැක්ටීරියාව ඇඟ තුල පවතින අවධියට වඩා ඉන් අනතුරුව එන ශරීරයේ ප්‍රතිදේහ මගින් සිදුවන ක්‍රියාවලියේ අනිසි බලපෑම් හේතුකොට ගෙනයි. මෙහිදී ඖෂධමය ප්‍රතිකාර වලට වඩා ඒ ඒ අවස්ථාවට අනුව සිදු කරන අනෙකුත් ප්‍රතිකාර හරහා රෝගී සත්කාරය සිදු කරනු ලබයි. .
ඔබ කලයුත්තේ කුමක්ද ?
ජලය රැදී ඇති ස්ථාන වලට අනවශ්‍ය ලෙස නිරාවරණය වීම නවතන්න.
හැකි සෑම අවස්තාවකදීම එවැනි ස්ථාන වලට යාමේදී බූට් වැනි දෑ පළදින්න.
නිකරුනේ ගංවතුරට නිරාවරණය වීම නොකරන්න
ඔබට උන, හිසරදය සහ මාංශපිඩුවල වේදනාව ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු හමුවන්න (අදාළ අවදානම් ස්ථාන වලට නිරාවරණය වීමක් නොමැතිව වුවත්)
ඔබ ගංවතුර, කුඹුරු හෝ ජලය රැදුණු ස්ථාන වලට නිරාවරණය වූ අයෙක් නම් සහ ඔබට උණ ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු හමුවන්න (අනෙකුත් ලක්ෂණ නොමැති වුවත්)
මී උණ රෝගය සම්බන්ධව ඔබට ඕනෑම තොරතුරක් දැන ගැනීමට අවශ්‍යනම් රජරට වෛද්‍ය පිඨයේ මී උණ පර්යේෂණ කණ්ඩායමට ඔබේ ගැටලුව යොමු කල හැක.